...

mercoledì 10 marzo 2010

geyak

කැදැල්ලක සුන්දරත්වය දිගුකල් පවතින්න නම් එම කැදැල්ල සංකීර්ණ නොවන ආකාරයට ගොඩනගා ගන්න ඕනෙ. එවන් වූ සරල තේමාවක්‌ යටතේ නිර්මාණය කළ සුන්දර කැදැල්ලකට තමයි අද ඔබව කැඳවාගෙන යන්න හදන්නේ. නාගරික පරිසරයෙන් බැහැර නිස්‌කලංක ස්‌ථානයක තමයි මෙම නිවස ගොඩනගා තියෙන්නෙ. මෙම නිවාස නිර්මාණය පැරණි වාස්‌තු විද්‍යා නියමයන්ට පටහැනි නොවන ආකාරයට සිදු කිරීමට අප උත්සාහ ගෙන තිබෙනවා. නිවසට ගොඩවීමේදී අපට එක්‌වරම පෙනෙන්නේ කුඩා අවකාශයක්‌ තුළින් ඇතුළු වී විශාල අවකාශයක්‌ වෙත පිවිසිය හැකි ආකාරයට නිර්මාණය කළ ප්‍රවේශ ශාලාවක්‌. නිවසේ වර්ග ප්‍රමාණය අවම බැවින් එය විශාල කර දැක්‌වීම සඳහා ද්විත්ව උසකින් යුතුව එකිනෙක මහල් දර්ශනය වන ආකාරයට විවිධ උපක්‍රම භාවිත කරමින් මෙම නිවස නිර්මාණය කර තිබෙනවා. ඔබට නිවසක්‌ තනා ගැනීමට කුඩා ඉඩමක්‌ හිමි වී ඇත්නම් මෙවැනි ආකාරයේ නිවාස සැලසුමක්‌ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මෙම නිවසේ බිම් මහල ප්‍රවේශ ශාලාවට අමතරව එක්‌ නිදන කාමරයකින්ද, නාන කාමරයක්‌ හා වැසිකිලියකින්ද, මුළුතැන්ගෙය හා ගරාජයකින්ද සමන්විත වෙනවා. මෙහි පළමු මහල සඳහා නිදන කාමර දෙකක්‌ යොදා ගෙන තිබෙනවා. ස්‌වාභාවික ලෙස ආලෝකය සහ වාතාශ්‍රය උපරිම ලෙස නිවස තුළට ලබාගත හැකි වන ආකාරයට විවිධ ආකාරයේ උපක්‍රම භාවිත කර නිර්මාණය කර ඇති මෙම නිවස සඳහා යොදා ගෙන ඇති වර්ණ ද එකිනෙකට ගැලපෙන ආකාරයට සංකලනය කර ඇත. එමගින් නිවස තුළ ඇතිවන කළබල කාරී බව මග හැර ගැනීමට අපට හැකි විය. තම ජීවිතය පවත්වාගෙන යාම සඳහා භාවිත කරන ගෘහය සුන්දර මෙන්ම සරල එකක්‌ නම් සතුටින් ජීවත් වීමත් සරල දෙයක්‌ම වේවි.

Nessun commento:

Posta un commento